සෙබළ හිතක් හඬපූ දිනය..


සෙබළ හිතක් හඬපූ දිනය..

(08.04.2020)

දරුවන් බිරිඳ තනි කර විත් ගෙදර
අවියක් අත දරා ඇත බිරිඳ ක් විලාස
අවසන් කලත් කොටියාගේ කරදරය
දැන් ඇත කොරොනා Virus මැඩලන්න

ආවා බැංකු එක පිට එක පෝලිමට
නම් ලෙස NSB BOC PEAPLES ය
දුන්නා ලක්ෂ 20 ක ණය සේරටම
කැපූනා වාරිකය 36000 ක් ම

Covid නිසා කදවුරු තුල සිටින්නට
සිදුවූ නිසා කැපුනා අපේ රෙෂන් එක
සැලරිය අඩු උනා 40000 දාහකට
බැංකුව කැපුවේ ඉතිරිය 36000 ක්ම

රජයේ සහන දුන්නේ දස ලක්ෂ ය ට
Forces උන්ට කෙලවුනි ඉන් අන්තෙටම
කිරි පිටි නොමැත දරුවනි හෙට නුඹලාට
කන්න ට වෙන්නේ තණකොල හැර මොනවාද

ඉල්ලා සිටිනවා මෙය දකිනා ඔබගෙන්
බෙදා හරින වද හැකි හැම විලසින්
දුටුවොත් බලධරයො කිසියම් ලෙසකින්
දරුවන් බිරිඳ බත් කයි සුසුමන් හෙලමින්

Comments